Archives:About

From Dharmaraja College Archives

ශ්‍රී ලංකාවේ 1973 අංක 48 දරන ජාතික ලේඛනාගාර නිතියට අනුව රජයේ ආයතන සතු ලියකියවිලි භාවිතයෙන් පසු අපහරණය නොකොට ජාතික ලේඛනාගාරයට භාර දිය යුතුය. පාසල්ද රජය සතු ආයතන බැවින් එම ක්‍රියා පටිපාටියම අනුගමනය කලයුතු වුවත් ප්‍රයෝගික අපහසුතා හේතුවෙන් එම නිතිය ක්‍රියාත්මක නොවිණි. එයට පිලියමක් ලෙස ජාතික ලේඛනාගාරය විසින් පාසල් අධිලේඛනාගාර ඇති කිරීම නිර්දේශ කරනු ලැබිණි. ඒ අනුව ජාතික ලේඛනාගාරයේ උපදෙස් අනුව වර්ෂ 2002 දී ස්ථාපිත කරන ලද ධර්මරාජ අධිලේඛනාගාරය පවත්වා ගෙන යනු ලබන්නේ විදුහල්පතිතුමා විසින් පිහිටවනු ලැබූ අධිලේඛනාගාර පදනම මඟිනි. ධර්මරාජ අධිලේඛනාගාරය දිවයිනේ විශිෂ්ඨතම අධිලේඛනාගාරය ලෙස සලකනු ලබයි.

අධිලේඛනාගාරයේ අරමුණ නම් විද්‍යාලයට සම්බන්ධ පැරණි හා නුතන තොරතුරු, වත්මන් ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන් සහ ගුරු භවතුන්ගේ විස්තර, ලියකියවිලි, සඟරා, ඡායාරූප, පොත්පත් වැනි භාණ්ඩ ක්‍රමාණුකූලව එක් රැස් කිරීම තුලින් විද්‍යාලයේ ඉතිහාසය මතු පරපුර සඳහා ආරක්ෂා කිරීමයි. මීට අමතරව අධිලේඛනාගාරය විසින් විද්‍යාලයේ මෙතෙක් ඉගෙනගත් සහ දැනට ඉගෙන ගන්නා සිසුන්ගේ විස්තර ඇතුලත් දත්ත පද්ධතියක් ද ගොඩනඟා ඇත. එම දත්ත පද්ධතියට ශිෂ්‍යයා විද්‍යාලයේ ගත කරන කාලය තුල දී කරනු ලබන ක්‍රීඩා කටයුතු විභාග ප්‍රතිඵල, ලබාගන්නා ත්‍යාග, සංගම් වල දරණ නිලතල, ඡායාරූප ඇතුලූ සියලූ විස්තර එයට ඇතුල් කරනු ලබයි. මෙය ගොඩනඟා ඇත්තේ අන්තර්ජාලය හරහා ළඟාවිය හැකි ආකාරයට බැවින් එය කිහිප දෙනෙකුට එකවර භාවිතා කිරීමට හා තමන්ටම යාවත්කාලීන කිරීමේ හැකියාව පවතී.