Patriotic

From Dharmaraja College Archives

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වුනොත් පුත නුඹ වේ


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරි කොට සිතතොත්

උඹයි මගේ පුතා සමත්


උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වන්නේ


කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩ ගෙන දස්කම්

පෑම තමයි සුරුවිරුකම්


උපුටා ගත් කවි

ජාතික තොටිල්ල - එස්. මහින්ද හිමි