Patriotic
From Dharmaraja College Archives
Revision as of 19:42, 16 June 2024 by Kamalanath (talk | contribs) (Created page with " ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වු...")
ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වුනොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරි කොට සිතතොත් උඹයි මගේ පුතා සමත්
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වන්නේ
කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩ ගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්
උපුටා ගත් කවි ජාතික තොටිල්ල - එස්. මහින්ද හිමි